චීන අගමැති රනිල්ට සුබ පතයි


ශී‍්‍ර ලංකාවේ නව ඇගමති රනිල් වික‍්‍රමංසිහ මහතාට සුබපැතුම් එක්කරන චීන අගමැති ලී කෙකුයියන්ග් චීනය ඉදිරියටත් ශී‍්‍ර ලංකාව හා සබඳතා ඇති කරගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින බව කියයි.

ශී‍්‍ර ලංකාව හා චීනය දෙරට අතර ද්විපාර්ශවීය සබඳතා වල 58 වැනි සංවත්සරය මේ වසරේ සමරන බවද සිහිපත් කරන ඔහු දෙරට අතර මේ දක්වා ඇතිව තිබෙන සියලූ සබදතා සෑමවිටම ඉතාම සමිපවූත්,ඵලදායකවූත් ඒවා බව පවසයි.කාලයත් සමග එම සබඳතා ක‍්‍රමයෙන් ගැඹුරු වන්නට පටන්ගෙන ඇති බවද ඔහු කියයි.

ශී‍්‍ර ලංකා නව රජය හා සහයෝගයෙන් කටයුතු කිරීමටත්,එසේ කටයුතු කිරීම මගින් දෙරටේ ජනතාවටම වාසි සැළසෙන වැඩකටයුතු හා ශී‍්‍ර ලංකාව සමග සම්බන්ධ වීමටත් චීනය බලාපොරොත්තු වන බව ලී කෙකුයින්ග් පවසයි.