චිත්‍රපට සංස්ථාවට එරෙහි වාරණය 30 දක්වා දිගටම


තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
 
චිත්‍රපට බෙදාහැරීමේ කටයුතු ජාතික චිත්‍රපට සංස්ථාවට  පවරාගැනීම වළක්වාලමින් නිකුත් කර තිබූ වාරණය මෙම මස 30 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද  නියෝග කළේය.

 
චිත්‍රපට බෙදාහැරීම සිදුකළ පෞද්ගලික සිනමා සමාගම් 04ක්   ගොනු කර තිබූ පැමිණිල්ල අද  කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පමිල රත්නායක මහතා   මෙම වාරණය දීර්ඝ කළේය.
 
ඊ.ඒ.පී චිත්‍රපට සමාගම , ලංකා ෆිල්ම් ඩිස්ට්‍රිබියුටර්ස් පෞද්ගලික සමාගම , සිනමා එන්ටර්ටේන්මන්ට් සමාගම , මූවි ප්‍රඩක්ෂන් යන සමාගම්   ගොනු කළ මෙම පැමිණිල්ලෙන්   ජාතික චිත්‍රපට සමාගම ඇතුළු පිරිසක් වගඋත්තරකනරුවන් ලෙස නම් කරනු ලැබ තිබිණි.
 
එම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර ජාතික චිත‍්‍රපට සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ජාතික චිත‍්‍රපට සංස්ථාව විසින් එම තීරණය ගනු ලැබ ඇත්තේ විෂය බාර අමාත්‍යවරයා විසින් ලාබා දුන් උපදෙස් මත බවයි.