නිමන්ති රණසිංහ/රංජන් කටුගම්පොල
චිත‍්‍රපට බෙදාහැරීම ශ්‍රී ලංකා චිත‍්‍රපටි සංස්ථාවට පැවරීමේ තීරණය අත්හිටුවමින් කොළඹ දිසා විනිසුරු ප්‍රමිල රත්නායක මහතා වාරණ නියෝගයක් නිකුත් කළේය.
මූවි ප්‍රොඩක්ට්, ඊ ඒ පී සමාගම, ලංකා ෆිල්ම්ස් ඩිස්ටි‍්‍රබියුටස් ඇතුලූ සිනමා සමාගම් හතරක් අධිකරණය හමුවේ ගොනුකළ පෙත්සමක් සලකා බැලූ අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ ලබන 12 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදිය.
එසේම එදිනට අධිකරණය හමුවේ පෙනී සිටිමට චිත‍්‍රපට සංස්ථාවට අතුරු තහනම් දැන්වීම් සහ නොතීසි නිකුත් කිරීමද සිදුවිය.