බි‍්‍රතාන්‍යයේ චැනල් 4 රූපවාහිනී නාලිකාව ළඟදීම ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තා වැඩසටහන් දෙකක් ප‍්‍රචාරය කිරීමට යතියි අන්තර්ජාතික මාධ්‍ය කියයි.
ශ්‍රී ලංකාවේ පැවති ත‍්‍රස්තවාදයේ නිමාව සහ ඉන්පසු ක‍්‍රියාත්මක වූ ප‍්‍රතිසන්ධාන වැඩපිළිවෙල පිළිබඳ විකෘතිකළ පණිවිඩයක් රැගත් වාර්තා වැඩසටහන් කීපයක්ම විකාශනය කර ඇත.
මෙය ”මාර්තු මාසයේ ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මානව අයිතිවාසිකම් කවුන්සිලයේ සැසිවාරය ඉලක්ක කරගනිමින් කරන තවත් කුඩුකේඩු වැඩක් බව එක්සත් රාජධානියේ සිංහල සංගමයේ සභාපති ඩග්ලස් වික‍්‍රමරත්න මහතා පවසයි.
ගිය වසරේ ජිනීවා සම්මේලනයට ස්වාධීන නියෝජිතයකු වශයෙන් සහභාගිවූ වික‍්‍රමරත්න මහතා එහිදී ශ්‍රී ලංකාවට එරෙහි යේජනාව ඉදිරිපත් කළ ඇමරිකානු නියෝජිත ඩොනාහීච් සමග දීර්ඝ වශයෙන් තර්ක කළේය.
වික‍්‍රමරත්න මහතා මෙවර සම්මේලනයට ද සහභාගි වීමට බලාපොරොත්තු වෙයි.

