( රොමේෂ් මධුෂංඛ)
යාපනය චාවකච්චේරි ප්‍රදේශයේදී යුද හමුදාව හා පොලීසිය සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී යුද හමුදා නිලඇඳුම් හා වෝකිටෝකි කිහිපයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට චාවකච්චේරි පොලීසිය පවසයි.
චාවකච්චේරි මාර්ග බාධකයකදී සුඛෝපභෝගී මෝටර් රියකින් ගමන් කරමින් සිටි අයෙකු ළඟ අවසරයක් නොමැති වෝකිටෝකි 3 ක් හා චාජර් 3ක් තිබී අදාළ සැකකරු සමග කාර් රථය පොලීසිය විසින් අත්ඩංගුවට ගෙන ඇත.
මේ අතර චාවකච්චේරි මුස්ලිම් පල්ලියක් අසල පිහිටි නිවසක් පරික්ෂා කිරීමේදී එහි තිබී යුද හමුදා නිලඇඳුම් තොගයක් සමග නිවසේ හිමිකරුද අත්අඩංගුවට ගත් බවට චාවකච්චේරි පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
චාවකච්චේරි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.





