(රොමේෂ් මධුෂංඛ සහ සිතුම් චතුරංග)
යාපනය චාවකච්චේරි මද්දුවිල් ප්‍රදේශයේදී 2017 වසරේ දෙසැම්බර් මාසයේ සිදුවූ රිය අනතුරකින් මිය ගිය සිසුවෙකු 2017 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලයන්ට අනුව ඒ- සාමාර්ථ 9 ක් ලබාගෙන ඇත.
යාපනය මද්දුවිල් කමලාසිනි විදුහලේ ඉගෙනුම ලැබූ 17 හැවිරිදි කොනේස්වරන් ගාරුසන් නැමති මෙම සිසුවා පසුගිය වසරේ දෙසැම්බර් 28 වැනිදා ජිවිතක්ෂයට පත්වුයේ යතුරුපැදි අනතුරකින් බව කොඩිකාමම් පොලීසිය කියයි.



