චමින්ද විජේසිරි කටපියා ගනී


(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු) 

ආණ්ඩුවේ ඇමැතිවරයෙක් විසින් කරගෙන යන මහා පරිමාණ මංකොල්ලයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (18) විශේෂ හෙළිදරව්වක් කරන බවට බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මීට දෙදිනකට පෙර ප්‍රකාශ කළද ඔහු එවැනි කිසිදු ප්‍රකාශයක් නොකළේය.

පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වීමට පෙර අප කළ විමසීමකදී මන්ත්‍රීවරයා පැවසුවේ ඇතැම් විට තමා එම ප්‍රකාශය කිරීමට ඉඩ ඇති බවයි.