චමින්ද මීටර 1500 ඉසව්වේ තරග වාර්තාව අලූත් කරයි


දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන 37 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ අවසන් දිනය වන අද (10) මීටර 1500 ඉසව්වෙන් (පිරිමි) නව තරග වාර්තාවක් පිහිටුවීමට චමින්ද විජේකෝන් සමත්විය. ඌව පළාත නියෝජනය කරන චමින්ද 2006 වසරේදී ඔහු විසින්ම පිහිටුවන ලද විනාඩි 3. තත්පර 46.77 ක වාර්තාව අබිබවා යමින් අද දිනයේ විනාඩි 3 තත්පර 44. 16 කින් තරගය නිම කර වාර්තාව පිහිටුවීය.