චමිත් සුජීව නිර්මාණය කළ කුළියට ගනු ලැබේ නිර්මාණය මිනිත්තු හතරකට අඩුවෙන් දිවෙන සංඥායොදා සිය ප්‍රකාශනය පිහිටවූ නිර්මාණයක් ලෙස දැක්විය හැක. එය ඔබට තරමක් දුරට තේරුම් ගැනීමට අපහසු නම් ඒ සඳහා මෙම සටහන ප්‍රෙයා්ජනවත් වනු ඇත. එසේම ඔබේ ප්‍රෙයා්ජනය වෙනුවෙන් මෙහි යොදා ගෙන ඇති පසුබිම් සංගීතයටද සවන් දෙන මෙන් දන්වා සිටිනවා.
මේ ඒ සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂක චමිත් සුජීව ගේ අදහස. මම කෙටි චිත්‍රපටයක් කරන්නට සිතුවේ සිනමා උළෙලකට ඉදිරිපත් කරන්නටයි. මොකද මම ඒ වන විටත් රූපවාහිනී ක්ෂේත්‍රෙය් වැඩ කරමින් සිටි නිසා මට මේ පිළිබඳ යම් අත්දැකීමකුත් තිබුනා. මා මෙහි කියන්නට තනන්නේ බුදුන් විසින් වදාළ අවස්ථාවක්. එය බොහෝදුරකට සංඥා ඇසුරින් ප්‍රකාශ කිරීමට මට සිතු වුනා. මෙහි ඇත්තේ අපගේ ශරීරය භෞතික බලවේගයක් විසින් කුළියට අරගෙන සිටින බවයි. මට හැඟෙන්නේ එළෙසින්. ඒ වගේම මේ ශරීරය විනාශ වුනාම ඒ බලවේගය තවත් සිරුරකට ඇතුළු වීම සිදු වෙනවා. මම තුරුම්පුවක් විදියට කියන්නම්, හොඳින් අසන්න මෙහි දොර වැසෙන ශබ්දය යෙදෙන තැන.
චමිත් සුජීවගේ අදහස ඔබට මෙම චිත්‍රපටය පහදනු ඇත. මේ පවසන්නේ එහි සරළ සංක්ෂිප්තයයි. ඔබ ජීවයෙන් පිරි අවස්ථාවක ඔබට යමක් ග්‍රහණය කළ හැකියි. ජීවිය ගිලිහී යන විට එය කරන්නට නොහැකියි. යළි ජීවය ලැබෙන විට ඔබ එය ග්‍රහණය කරගන්නට උත්සාහ කරන ස්ථානයේ පිහිටනු ඇත.
රංගනය
- චමිත් සුජීව
- ලක්ෂානි වල්පිට
සංගීතය
- සංඛ දිනෙත්
කැමරාකරණය
- අරෝෂ් උදයංග
අදහස සහ අධ්‍යක්ෂණය
- චමිත් සුජීව
රචින්ත ජයවර්ධන