චම්පික ආදර්ශය මුලින්ම දෙයි


රජයේ නිල වාහන මැතිවරණය වෙනුවෙන් යොදා ගන්නා මැති ඇමැතිවරුන් ඒ සඳහා මුදල් ගෙවිය යුතු යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැරුණු යෝජනාව අනුව පාඨලී චම්පික රණවල විදුලිබල ඇමැති අද (21) අමාත්‍යංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ ට රුපියල් ලක්ෂ තුනක් ගෙවීය.

ඔහු පරිහරණය කරන වාහන තුන වෙනුවෙන් මෙම මුදල ගෙවා ඇත.

‘රට නව දේශපාලන සංස්කෘතියකට ගමන් අරඹමින්, නව රජය  වඩා විනිවිද භාවයෙන් යුතුව රාජ්‍ය දේපළ මැතිවරණය වෙනුවෙන් අවභාවිතාවන් සඳහා යොදා නොගැනීමට ගෙන ඇති වැඩපිළිවෙළට සහාය පළකරමින් එසේ කරන බව ද ඇමැති කීවේය.

UNFFGG-NEWS-PIX-(03)-2015-07-21.