මහින්ද, ගෝඨාභය හා බැසිල් යළිත් දේශපාලනයට එන ලකුණු ඇතත් ඔවුන්ගේ වැඩිමල් සොයුරු හිටපු කථානායක චමල් විශ්‍රාම ගැනීමට යතියි රාවයක් පවතී.
ඔහු සන්ධානයේ අගමැති අපේක්ෂක ලෙස නම් කිරීමේ අදහසක් ඇතැයි දේශපාලන උපක්‍රම හා ක්‍රමෝපාය පිළිබඳ විශාරදයකු වන ආචාර්ය සරත් අමුණුගම කියා ඇතත් එය මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් ඈත් කර තැබීමට ගත් අසාර්ථක උත්සාහයකි.
සිය සුළු පියා වූ හිටපු ජනපති අනුග්‍රහයෙන් හා විශේෂ වරප්‍රසාද යටතේ රුහුණු කතරගම දෙවොලේ බස්නායක නිලමේ ධූරය දශකයකට ආසන්න කාලයක් දැරූ ශෂීන්ද්‍ර රාජපක්ෂ සිය පියාට උපදෙස් දී ඇතැයි කියනුයේ අමුණුගමගේ ලණුව නොකන ලෙසයි.
ශෂීන්ද්‍රගේ සොයුරු සමීන්ද්‍ර හම්බන්තොටින් මහ ඡන්දයට ඒමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි කියයි.

