චමරි ලෝකයේ ප්‍රබලතම පිතිකාරිනියන් අතරට


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව සුපිරි පිතිකාරිනී චමරි අතපත්තු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විස්සයි20 පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානය දක්වා උසස්වීම් ලබා සිටින්නීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවක් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පිතිකාරියෙන් ශ්‍රේණිගත කිරීමක පළමු දසදෙනා අතරට ඇතුළත් වූ පළමු අවස්ථාව මෙය වේ.

චමරි අතපත්තු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විස්සයි20 තුන් ඉරියව් ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීමේ ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් 7 වැනි ස්ථානයේ රැදී සිටින්නීය.

මැලේසියාවේදී පසුගියදා අවසන් වූ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී දැක්වූ තුන් ඉරියව් දස්කම් මත චමරි ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණියාය. ඇය එම තරගාවලියේදී පිළිවෙළින් ලකුණු 24, 86, 57, 30, සහ 48 රැස්කිරීමට සමත් වූවාය.

ඇය එම තරගාවලියට පෙර විස්සයි20 පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීමේ 14 වැනි ස්ථානයේ පසුවූවාය.