(යොහාන් භාසුර සහ නිමන්ති රණසිංහ)
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයකදී පැවැත්වූ සාදයට සහභාගි වූයේ යැයි කියන එහි ප්‍රධාන සංවිධායක ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ මවල නැගණිය සහ රියදුරා ඇතුළු පුද්ගලයන් හය දෙනකු අත් අඩංගුවට ගත් බව මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ෂණ ඒකකය කියයි.
මෙම පිරිසට ප්‍රසිද්ධ කළා පවුලක සාමාජිකාවක සහ ඇයගේ සැමියා සහ තවත් පුද්ගලයකු ඇතුළත් බවත් එම පිරිස කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
මෙම පුද්ගලයන් හයදෙනා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි..

