ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරියක වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනිය අද එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරිය බවට පත්ව ඇතැයි හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ලේ දී පැවසීය.
හිටපු ජනපතිනියගේ මාධ්‍ය නිවේදනය පක්ෂයට අවාසිදායක බව ද, එය හෙළා දකින බව ද ඔහු කීවේය.
එජාපයට සහාය වන යමක් කිරීමට බණ්ඩාරනායක පවුලේ අයට නොහැකි බව ද, එය සිය දෙමාපියනට කරන අගෞරවයක් බව ද ඔහු සඳහන් කළේය.
ඇගේ ප්‍රකාශය අසා තමන්ට දැඩි දුකක් වේදනාවක් දැනුණු බව ද ඔහු පැවසීය.

