චන්ද්‍රිකා හින්දු - බෞද්ධ සමුළුවට එක්වෙයි


හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ගෝලීය හින්දු බෞද්ධ සමුළුවට සහභාගී වූවාය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී, විවේකානන්ද් ජාත්‍යන්තර පදනමේ අධ්‍යක්ෂක එන්. සී. විජ් හා අෂීන් න්යානිස්සර හිමියෝද එයට එක්වූහ. ජපාන අගමැති ෂින්සෝ අබේ සමුළුවට එක්නොවී වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමතීය.

හිටපු ජනපතිනිය මෙම සමුළුවට සහභාගී වන්නේ දේශිකාවක වශයෙනි. හින්දු හා බෞද්ධ ආගමික ධර්මයන්හි ඇතුළත් විවිධ ජන කොටස් අතර සංහිඳියාව, සමගිය හා සාමය ඇති කිරීම සඳහා වන කරුණු අධ්‍යයනය කර සාමය සඳහා වන දර්ශනයක් නිර්මාණය කිරීම මෙම සමුළුව පැවැත්වීමේ අරමුණයි.

cbk20159302 cbk20159303