ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රසිද්ධියේ චෝදනා කරන හිටපු ජනපතිනි හා ශ්‍රීලනිප අනුශාෂිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවන ලෙසත් වහාම තීන්දුවක් ගැනීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් කරන ලෙස ඉල්ලමින් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතාට ලිපියකින් දැනුම් දුන් බව ඔහු පැවසීය.
තෙන්නකෝන් මහතා එම ලිපිය අරඹා ඇත්තේ කවියකිනි.
‘මවක් පියෙක් එක්වී රැක ගත්තේය
පරක් තෙරක් නැති සෙනගක් එක්වීය
ඉවක් බවක් නැති වෛරයෙ මත්වීය
දුවෙක් දෙමාපිය කඳුළැලි වික්කේය‘

