චන්ද්‍රිකා - මහින්ද පාර්ලිමේන්තුවට ?


හිටපු ජනපතිවරුන් දෙදෙනකු වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග (70) හා මහින්ද රාජපක්ෂ (70) පත් කළ මන්ත්‍රීවරුන් වශයෙන් පාර්ලිමේන්තුවට පැමිණීමේ ඉඩකඩ බෙහෙවින් ඇතැයි ඒ දෙදෙනාට සමීප ආරංචි කියයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවක් අද හෝ හෙට ඇමතීමට නියමිත අතර එහිදී ඔහු පත් කළ මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවට පැමිණීමේ යෝජනාවක් ඉදිරිපත් වීමට ඉඩ ඇතැයි දැනගන්නට ඇත.