චන්ද්‍රාණි බණ්ඩාර යන්නේ නැතිලු


එක්සත් ජාතික පාක්ෂිකයෝ පිරිසක්  අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රිනී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියගේ අනුරාධපුර කාර්යාලයය අසළට ගොස් පක්ෂය හැර නොයන්නැයි බල කළහ.

බණ්ඩාර මහත්මිය කොළඹ සිටින බවත්, පක්ෂය හැර නොයන බවට දැනුම් දීමක් කළ බවත් එහි ප්‍රකාශකයෙක් උද්ඝෝෂකයනට කීවේය.

එම ප්‍රකාශයෙන් පසු උද්ඝෝෂණය අවසන් විය.

තමා පක්ෂයෙන් ඉවත් නොවන බව චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී ද පැවසුවාය.

තමා එක්සත් ජාතික පක්ෂය හැර නොයන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රීනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය කොළඹ සිට දුරකථනයෙන් පැවසීයැයි සුදත් අඹේපිටිය මහතා කියයි.

ඔහුද, රංජිත් පියදාස, පී.එම්.රත්නායක, ආරිය රත්නායක ඇතුළු පිරිසක් අද පෙරවරු 11.30 ට පමණ ඇගේ අනුරාධපුර කාර්යාලයට ගියහ.

ඒ වනවිට ඇය සිටියේ කොළඹය. ඔහු කියන විදියට පාක්ෂිකයෝද ඇගේ හිතවත්හුද එහි පැමිණ සිටියහ. ඇය පක්ෂයෙන් යන බව ආරංචි වුණා. අපි 100 ක් විතර එහි ආවා. ඇයට දුරකථනයෙන් කථා කළා. මා සමඟද කථා කළා. පක්ෂය හැරදා නොයන බව කීවා.

රංජිත් පියදාස මහතා මෙසේ කියයි.

මන්ත්‍රීවරිය අපේ පක්ෂය හැර දමා යන්නේදැයි මම ඇසුවා. ඇයි යන්නේ කියලත් ඇහුවා. අපි ඇයට කිව්වේ ගියොත් ඇයට මේ කන්තෝරුවට නම් ආයෙත් එන්න බැරි බවයි.

_DSC0254 _DSC0284 _DSC0287 _DSC0290