පොලිස් නිලධාරීන්ට තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නට ලබන ඔක්තෝබර් 20 මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ප්‍රධාන මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය නියෝග කළාය.
ගම්පහ දිස්ත්‍රික්කයේ එජාප මන්ත්‍රීන් වන කාවින්ද ජයවර්ධනගේ හා චතුර සේනාරත්නගේ ආධාරකරුවන් අතර රාගම ගුවන් පාලම අසළ පිහිටි රෝහල් රථගාලේ හටගත් ගැටුමක් හේතුවෙන් අත් අඩංගුවට ගෙන රාගම පොලිස් සිරමැදිරියේ රඳවා සිටි තරුණයින් පස්දෙනකුට පොලිස් සිර මැදිරිය අසලට පැමිණ මරණීය තර්ජනය කිරීම සහ රාත්‍රී කාර්ය භාරයේ සිටි පොලිස් නිලධාරීන්ට තර්ජනය කළ බව කියන සිද්ධියකට අනුව එම නියෝගය නිකුත් කැරිණි.

