(ඉන්දිකා රාමනායක)
වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීමට රත්නපුර ගල්ඇන්ද ප්‍රදේශයේ විහාරස්ථානයට ගොස් සිටිය දී එහි සිටි හිමිනමකගේ ප්‍රහාරයට ලක්ව ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් චන්ද්‍ර ජයලාල් සමරවික්‍රම මහතා උප පොලිස් පරීක්ෂක නිලයට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
රාජකාරිය ඉටුකිරීමට යාමේදී ඝාතනයට ලක් වීම සැලකිල්ලට ගෙන පොලිස්පතිවරයා මෙම උසස්වීම් සිදුකර ඇත.
පොලිස් සැරයන් සමරවික්‍රම මහතා ඊයේ පෙරවරුවේ වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීමට ගල්ඇන්ද විහාරස්ථානයට ගොස් සිටියදී සැකකාර හිමිනම එයට විරෝධය දක්වා පොලිස් සැරයන්වරයාට පහර දී ගෙල මිරිකා ඝාතනය කර තිබුණි.