ඝාතනයකට පැමිණි දෙකක් පොලීසියට කොටුවෙයි


(ඉන්දිකා  රාමනායක, ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ලාල් එස් කුමාර)

කඩවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ඝාතනය කිරීම සඳහා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි බව කියන දෙදෙනකු   පිස්තෝල ගිනි අවියක්  සහ උණ්ඩ හතරක් සමග කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන  විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව රාගමට හැරෙන හන්දිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පරික්ෂා කිරීමේදී එහි පැදිකරු විසින් සඟවා ගෙන සිටි ඉහත පිස්තෝලය සහ ජීව උණ්ඩ හතම සොයාගත්  බව පොලිසිය පවසයි.

ඡායාරූප ලාල් එස් කුමාර