ඝාතනය කළ පුද්ගලයකුගේ සිරුර පුළුස්සන්න බැරිවෙයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 
මොරටුව- එගොඩ උයන ප්‍රදේශයේ අත්හැර දමන ලද ලී මෝලක තිබී ඝාතනය කරන ලද පුද්ගලයකුගේ මළ සිරුරක් පුළුස්සා දැමීමටත් ගත් උත්සාහයක් අද(24) අලුයම ව්‍යර්ථ වී ඇතැයි එගොඩ උයන පොලිසිය කියයි.
 
ලී මෝලේ ගින්නක් දුටු සිසුන් දෙදෙනෙකු ප්‍රදේශවාසීන් දැනුවත් කර ඇති අතර ඔවුන් ගින්න නිවීමට පැමිණීමේදී ඒ අසළ තිබූ සැකකටයුතු සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයට පැමිණ පලාගොස් ඇති බවද, ඒ පසුපස හඹා ගිය ලී මෝල් හිමිකරුගේ පුතුව එම මෝටර් රථ රියදුරු අනතුරකට ලක් කර ඇති බවද පොලිසිය පවසයි.
 
ගින්න ඇති වූයේ මළ සිරුර පුළුස්සා දැමීමට කරන ලද උත්සාහයක් නිසා බව හෙළි වී ඇතැයි පොලිසිය වැඩිදුරටත් කියයි.
 
මෙසේ ඝාතනය කර ඇත්තේ මහරගම නාවින්න පදිංචි හිටපු හමුදා සෙබළෙකු බව පොලිසිය කියයි.


ඔහු 51 හැවිරිදි දෙදරු පියෙකු බවද හෙළි වී ඇත.


ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ මෝටර් රථය කහතුඩුව වෙනිවැල්කොප දෙල්ගහ ඇළට දමා තිබියදී කහතුඩුව පොලිසිය සොයා ගෙන ඇත.