ඉකුත් රජය සමයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් ඝාතන,පුද්ගල මරණ හා අතුරුදන් වීම් සිද්ධි පහක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නැවැත පරීක්ෂණ ආරම්භ කැර ඇතැයි පොලීසිය කියයි.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය,ප්‍රදීප් එක්නැලිගොඩගේ අතුරුදන් වීම,ලසන්ත වික්‍රමතුංග ඝාතනය,රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධිය,වැලිකඩ බන්ධනාගාර කැරැල්ල ගැන මේ පරීක්ෂණ පොලිස්පති නියමයෙන් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.
මෙම පරීක්ෂණය කඩිනමින් නිම කරන ලෙසද පොලිස්පති නියෝග කැර ඇත.

