(ජයන්ත සමරකෝන්)
කොළඹ මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධ විශේෂ විගණන වාර්තාව මගින් හෙළිකර ඇති සියලු කරුණුවලට එහි ඉංජිනේරුවන් වගකිව යුතු බව කොළඹ නාගරික කොමසාරිස් කේ. වී. ඒ. අනුර මහතා විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා වෙත අද(17) ලිපියකින් දැනුම්දී ඇත.
කසළ කන්ද නායයාම හා මෙම විගණන වාර්තාව සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකරන ලෙසද ඒ පිළිබඳ තොරතුරු ලබාදීමට තමන් සූදානම් බවද ආණ්ඩුකාරවරයා වෙත යවා ඇති එම ලිපියේ සඳහන් වේ.

