ඝණ පූරණයක් නැතැයි හම්බන්තොට මහ නගර සභාව කල් යයි



 

(සනත් ගමගේ )

හම්බන්තොට මහ නගර සභාවේ ඝණ පුරණය නොමැති කම හේතුවෙන්  නගරාධිපති පත් කිරීම තවත් මසකින් කල් තැබිමට  දකුණු පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර මහතා සභාව කල් තබමින් අද (28) තීරණය කළේය.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පසු හම්බන්තොට මහ නගර සභාවේ පළමු සභා රැස්විම පැවැත් විම සඳහා අද (28) නගර සභාවට තේරිපත් වි ඇති සියලුම නාගරික මන්ත්‍රිවරුන්ට  ආරාධනා කර තිබූ  අතර නාගරික මන්ත්‍රී වරුන් 21 දෙනාගෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී වරුන් 9 දෙනා සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී වරයා පමණක් සභාවට පැමිණ  සිටියේ නැත.

හෙයින් පළාත් පාලන පනතට අනුව යටත් පිරිසයින් සභාවේ පිරිසෙන් අඩක් සභාවට සහභාගී විය යුතු  හෙයින්  මන්ත්‍රී වරුන් 10 දෙනෙක් පැමිණිම ඝණ පූර්ණය නොමැති කම හේතුවෙන් නගරාධිපතිවරයා තෝරාපත් කර ගැනිමට නොහැකි බව දන්වා  පළාත් කොමසාරිස් වරයා විසින් මසකට සභාව කල් තැබිම සිදුවිය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 7 දෙනා සහ  එක්සත් ජනතා  නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රී වරුන් 4  සමඟ තේරීපත් වූ මන්ත්‍රි  වරුන් 11 දෙනා සභා රැස්විමට සහභාගී වි නොසිටියහ.

පෙරවරු 10 පමණ වන තෙක් මන්ත්‍රී වරුන් පැමිනෙන තෙක් සභාව ආරම්භ නොකළ සිටි අතර 10.30 ට පමණ සභාව පළාත් පාලන කොමාරිස් රනිල් වික්‍රමසේකර මහතා විසින් කැඳවීම  සිදු කර පැමිණ  සිටි මන්ත්‍රී වරුන්ට සභාවට පැමිණ අසුන් ගන්නා ලෙස ආරාධනා කර සිටියේය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රි වරු සහ ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රී වරයා පමනක් අසුන් ගත් පසු ඝණ පූරණය නොමැති වීමෙන් පනතේ වගන්ති සභාවට දැනුම් දිමෙන් පසු සභාව මසකට කල් තැබිම සිදු විය.

ශ්‍රීමති මුතු කුමාරණ,එම්.එච් මොහොමඩ් රිෂාන්,එම්.ෆරිෂ් දින්,බී.කේ දිනේෂ් දර්ශන,බී.ජුහාරා කාසිම්,එස්.අරුණ ශාන්ත, ඩි,ඒ ගාමිණී, කේ.එම් සම්සුදීන්  යන එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී වරු සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන චන්ද්‍රසිරි ගමනායක මන්ත්‍රී වරයා සභාවට පැමිණ සිටියහ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන ප්‍රියන්ත කුමාරතුංග,අජන්තා රෝහණ,කේ.ජී ගාමිණී,ජී.ඩබ්.ජී සුනේත්‍රා මාලනී, ‍යූ.කේ. ඒ දිසානායක, කේ.එම් අජිත් ප්‍රියන්ත,ආර්.ඒ අනිල් ප්‍රියන්ත. යන මන්ත්‍රී වරු පැමිණ නොසිටියහ.