ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ට ඔවුන්ගේ තැන්පතු මුදල් යළි ගෙවීමේ ක්‍රමවේදයේ අවසන් කටයුතු මහ බැංකුවේ අධීක්ෂණය යටතේ මේවන විට සිදු කෙරෙමින් පවතින බව නීතිපති අද(07) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා මේ බව දැනුම් දුන්නේ ගෝල්ඩන් කී තැන්පතුකරුවන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලු අවස්ථාවේදීය.
මෙම පෙත්සම අගවිනිසුරු කේ.› පවන් ,ඊවා වනසුනදර, රෝහිණී මාරසිංහ, බුවනෙක අළුවිහාරේ සහ සිසිර ද ආබෘ යන මහත්ම මහත්මී ගෙන් යුතු පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවි‚.
පෙත්සම සලකා බැලීම ලබන අගෝස්තු හතර වැනිදාට කල් තැබිණි.

