පොල්ලේ බැද්ද ගම්මානයේ ආදිවාසි නායක තාලාබණ්ඩාරලගේ ගෝබාහට රජයෙන් ඉදිකර දුන් නිවස වාසයට නොසුදුසු බව ඔහු කියයි.
හරියට කෑමක් නොලැබුනත් මම සතුටු වුණා රජයෙන් ගෙයක් හදලා දුන්නා කියලා මම මැරුණ දවසක තියන්න ගෙයක් තියෙනවා කියලා නමුත් වහින වේලාවට මේ තැන ඉන්නේ නැතිව ගේ ඇතුළට යනවා එත් ගේ හැමතැනම වතුර ගලනවා ඒ හින්දා භාජන හැමතැනම ඉන්න විදියක් නෑ .මේ ගේ හදාපු අය ඒක හොදට හදලා නෑ. බිත්ති හැම තැනම දිය ගලනවා ‘
මේ හදපු ගෙදර දුන්නට ජනාධිපති හුරා ගැන සතුටු වෙනවා. මම දන්නවා එතුමා මේ ගැන දන්නවා නම් හොයයි බලයි කියලා. පිදුරු දාපු මැටි පැලක හිටිය මට ගේ ගැන බැන වදිනවා නොවේ. නිළධාරින් මේ ගැන බලන්නේ නෑ.ඉස්සරාට එන්නේ මහා වැසි කාලේ මේ ගේ හිටියොත් තෙමෙන්න තමයි වෙන්නේ.