ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීමෙන් රජයට රුපියල් කෝට් 1140 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් තමා ඇතුළු 8 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවෙන් තමා ඇතුළු පිරිස නිදහස් කරන්නැයි ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඪාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර තිබූ ප්‍රතිචෝදනා අයදුම්පත කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා විසින් නිශ්ප්‍රභා කරන ලදී.
මෙම නඩුව විභාග කිරීමට මහේස්ත්‍රාත් වරයා ගත් තීන්දුවෙන් විත්තිකරුවන්ට අගතියක් නොවන බව සඳහන් කළ විනිසුරු ඒ අනුව අදාළ ප්‍රතිශෝධන අයදුම්පත නිශ්ප්‍රභා කර ඇත

