( තිළිණි ද සිල්වා)
ඉතා ඉක්මණින් මහ මැතිවරණයක් අවශ්‍ය බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී පැවසීය.
මේ වන විට රටේ ව්‍යාකූල තත්ත්වයක් පවතින බව කවුරුත් දන්නා බවත් එබැවින් මහමැතිවරණයක් ඉල්ලා සිටින බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා කීය.
ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගනිමින් ඊළග සටනට සැරසෙන්නේද යන්න මෙහිදී මාධ්‍යවේදීන් හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසූ අවස්ථාවේදි ඔහු කියා සිටියේ ‘අපි හැමදාමත් රට වෙනුවෙන් සටන් කළ අය බවත්, අපි ඉල්ලන්නේ මහ මැතිවරණයක්‘ බවත් ය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)