හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජීවිතයට තර්ජනයක් නැතැයි පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධාකයක ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ හමුදාවේ 58 දෙනකු ඔහුට ආරක්ෂාව සළසන බවයි. ඒ අතර නිලධරයන් අට දෙනකු ද සිටින බව ඔහු කීවේය. මේ සම්බන්ධයෙන් ප්‍රශ්නය මතු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිළමේ මහතාය.

