ගෝඨාභය-රනිල් විනාඩි 40ක සාකච්ඡාවක්


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ උග්‍ර තත්ත්වයට පත්ව තිබෙන කොරෝනා වසංගතයට අදාලව ගත යුතු පියවර ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද(17) පෙරවරුවේ පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොරෝනා වසංගතය හමුවේ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පෙරදා(16) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැත්වූ දුරකථන සංවාදයේ  ප්‍රතිඵලයක් ලෙස මෙම  සාකච්ඡාව සිදු කෙරිණි.

ජනපති සහ එජාප නායකයා අතර පමණක් පැවැත්වූ  සාකච්ඡාව කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී විනාඩි 40 ක පමණ කාලයක් පවත්වා තිබේ.
කොරෝනා වසංගතය පිටුදැකීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ යෝජනා  මාලාව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ජනාධිපතිවරයාට පවසා තිබේ. 


(අංජුල මහික වීරරත්න)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද(17) කොළඹදී සිදුකෙරේ.

මෙම හමුව සිදු වන්නේ රටේ වත්මන් කොරෝනා වසංගත තත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථනයෙන් ඊයේ කළ සංවාදයකට පසුවය.

එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා ගේ පියාගේ අවමඟුලට සහභාගීවීමට රනිල් වික්‍රමසිංහ මහතා අද උදේ කොළඹින් බැහැර ගොස් සිටින අතර යළි කොළඹට පැමිණි වහාම මෙම හමුව සිදු වීමට නියමිත බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.