ගෝඨාභය දේශපාලනයට නොඑන බව කියයි


තමන් ඉදිරියේ දී දේශපාලනයට සම්බන්ධ නොවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පාදුක්ක උඩුමුල්ල ගල්ලෙන් මහා විහාරයේ බෝධි පූජාවකට සහභාගීවිමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් ප්‍රකාශ කරමින් කිවේය.

තමන්ට බුද්ධි අංශ තොරතුරු වාර්තා නොකරන බැවින් රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ කිසිවක් කිව නොහැකි බව කී රාජපක්ෂ මහතා කියා සිටියේ තම කාලයේ ආරම්භ කළ ආරක්ෂක තත්තවය දිගටම ගෙන යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

‘‘ හාමුදුරුවෝ කතාව පටන්ගත්තේ ගෝඨාභය රාජපක්ෂ දේශපාලනය කරන මිනිහෙක් නෙවෙයි කියලා. මම ආරක්ෂක ලේකම් ලෙස සිටිද්දී රටේ හොඳ ආරක්ෂාවක් ඇතිකරලා තමයි ඉවත් වුණේ. යුද්ධය අවසන් කළා පමණක ්නොවෙයි. ඉන් පසු අවුරුදු පහක කාලයේ දී හොඳ ආරක්ෂාවක් ඇති කළා. සෑම ජනකොටසකටම සෑම පළාතකම නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වතාවාරණයක් සකස් කරලා තිබුණා. එදා ඒ තත්ත්වය ඇතිකරන්න ගත්තු පියවර දිගටම පවත්වාගෙන යාවියැයි මම බලාපොරෙත්තු වෙනවා. දැන් මම දන්නේ නැහැ. බුද්ධි අංශ මට වාර්තා කරන්නේ නැහැ. නැහැ දේශපාලනයට මම සම්බන්ධ වෙන්නේ නැහැ. “