ගෝඨාභය අල්ලස් කොමිසමේ


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට ගියේය.

ඔහු එසේ ගියේ ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් දෙවැනි වරටත් ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

අවි නැව ඉදිකළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේද ඉල්ලීමක් අනුව බව ඔහු මාධ්‍යයට පැවසීය.

අල්ලස් කොමිසම ඉදිරිපිට අද දින උද්ඝෝෂණ සිදු කිරීම තහනම් කරමින් උසාවි නියෝගයක්ද පනවා ඇත.