ගෝඨාභය අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගය 28 දක්වා දීර්ඝ කරයි


( මනෝප්‍රිය ගුණසේකර )  
 

පොදු දේපල පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළකාලමින් පනවා තිබූ නියෝගය ලබන 28 දක්වා තවදුරටත් දීර්ඝ කරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
 
ඩී.ඒ රාජපක්ෂ පිළිරුව ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිතා කිරීමට අදාළව පොලිස් මූල්‍ය  අපරාධ කොමිසම තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති හෙයින් එය වළක්වන ලෙස ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ගොනුකර තිබූ පෙත්සම සලකා බැලූ අභායාචනාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සුරසේන සහ ශිරාන් ගුණරත්න යන මහත්වරු විසින් අදාළ තීන්දුව ලබා දුන්නේය.                                                       
මෙම පෙත්සම ලබන 27 වැනිදා විභාග කිරීමට ද විනිසුරු මඩුල්ල නියම කළේය.