නාලක සංජීව දහනායක
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඍජුව දේශපාලනයට පැමිණීමට දැන් කාලය එළඹ තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (2) පැවසීය.
ඒ වෙනුවෙන් ප‍්‍රායෝගිත දේශපාලන වැඩසටහනක් සැකසීමට බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයට පැමිණෙන ලෙස ආරාධනා කළ බවත්, මෙම සතියේදී ඔහු කාර්යාලයට පැමිණීමට නියමිත බවත් මහාචාර්යවරයා කීය.
ජී එල් පීරිස් මහතා මෙසේද කීය.
‘ගෝඨාභය රාජපජෂ මහතාට දැන් දේශපාලනයට පැමිණීමට කාලය එළඹිලා තියෙනවා. ඒ වෙනුවෙන් ඔහු දැනටමත් යම් යම් ක‍්‍රියාවන් සිදුකරනවා. නමුත් ප‍්‍රායෝගික දේශපාලන වැඩ සටහනක් සකසන්න මෙම කාර්යාලයට පැමිණෙන ලෙසට අපි ඔහුට ආරාධනා කළා. එය ඔහුට ඉතාම වැදගත් දෙයක් වේවි. මෙම අවස්ථාවට රාජපක්‍ෂ පවුලේ අය මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ද සහභාගීවීමට නියමිතව තිබෙනවා. රාජපක්‍ෂ පවුල හා ඒකාබද්ධ විපක්‍ෂයේද කිසිම ප‍්‍රශ්නයක් නැතිබව එදාට දැකගන්න පුළුවන් වේවි . යැයිද කීය.
බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (02) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

