( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කළ අතුරු නියෝගය ලබන මාර්තු 23 වැනි දා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (27) තීන්දු කළේය.
ඒ සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගොනු කළ පෙත්සම අද අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන් හමුවේ පෙත්සම කැදවිණි.