ගෝඨාගේ පෙත්සම සලකාබැලීම කල් යයි


( තිළිණි  ද සිල්වා  සහ රංජන් කටුගම්පොළ )
 
 
මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මිග් යානා ගනුදෙනු ඇතුළු සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් එය වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන මැයි 31 වැනි දා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) තීන්දු කළේය.
 
විනිසුරු මඩුල්ල සම්පූර්ණ නොවීම හේතුවෙන් ⁣පෙත්සම සලකා බැලීම මෙදිනට කල් තැබිණි.
 
අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් , සිසිර ද ආබෘ යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැදවිණි.