ගෝඨාගේ ප්‍රතිශෝධන පෙත්සම් විභාගය කල් යයි


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

ඇවන්ගාඩ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ලබන ජුලි 02 සහ 04  වැනිදා සලකා බැලීම අභියාචනාධිකරණය අද(01) නියම කළේය.


එම පෙත්සම අද (19) දිනයේදීත්  අර්ජුන ඔබේසේකර සහ අචල වෙංගප්පුලි  යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.


පෙත්සම්කාර ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා තමන්ට ලිපි ලේඛන කිහිපයක් පරීක්ෂා කිරීමට අවශ්‍ය බැවින් තවදුරටත් කල් ඉල්ලා සිටි අතර එය සලකා බලමින් පෙත්සම මෙදිනට කල් තබන ලදී.