ගෝඨාගේ ප්‍රතිශෝධන පෙත්සම හෙටට කල්යයි


 

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
ඇවන්ට්ගාඩ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් සළකා බැලීම හෙට (01) දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.


එම පෙත්සම අද (31) කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් සිල්වා යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.


එහිදී මෙම පෙත්සම සළකා බැලීමෙන් තමන් ඉවත් වන බව විනිසුරු ජනක් ද සිල්වා මහතා සඳහන් කළේය.ඒ අනුව එය සළකා බැලීම හෙට දිනට කල් තැබුණි.


පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ කියා සිටින්නේ පසුගිය රජය සමයේ ගාලු වරායේ ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම  තමා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති බවයි.