ගෝඨාගේ ඇවන්ට්ගාඩ් නඩු කල් යයි


නිමන්ති රණසිංහ

 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අල්ලස් හෝ විමර්ශන දුෂණ කොමිසන් සභාව විසින් ගොනු කර ඇති ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළ නඩුව ලබන ජුලි 11 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29) නියෝග කළාය.

එම සිද්ධියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තෙක් එම නඩුව කල් තැබීමට අධිකරණය එලෙස නියම කෙරිණි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු අද අධිකරණය හමුවේ පෙනී සිටියහ.