හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අංශය අද පැය හයක් පමණ ප්‍රශ්න කළේය.
බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට එම කොමිසම පිහිටුවා ඇත.
ප්‍රශ්න කිරීම අවසානයේ ඔහු පිටව යද්දී මාධ්‍යවේදීන් ඇසුවේ කුමක් ගැන ප්‍රශ්න කළේද යන්නයි.
රක්නා ලංකා සමාගම ගැන ප්‍රශ්න කළ බව ඔහු කීවේය.
රක්නා ලංකා යනු විශ්‍රාමික හා හමුදාවෙන් ඉවත් වූ පිරිස්වලින් සමන්විත සමාගමකි.
‘ඔයගොල්ලොන්ට දැන් නිව්ස් නැහැනේ.‘ යනුවෙන් ඔහු කීවේය.
‘ඔබ මොනවද කීවේ?‘ යනුවෙන් මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ.
‘ඒවා කියන එක හරි නැහැනේ. ඒවා ඕනෑ නෑ‘ යනුවෙන් කියාගෙන ඔහු වාහනය දෙසට ගමන් කළේය.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා




