අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර
‘‘ශ්‍රී ලංකා නිදහස් පකෂයේ නායකයා විය යුත්තේ ගෝඨාභය රාජපකෂ මහතා බව මම මීට වසර දෙකකට පෙර ඇඹිලිපිටියේ දී කිව්වා. සමහර දේශපාලන ප්‍රබලයන් ඇතුලූව විවිධ පිරිස් ඊට එරෙහිව මා විවේචනය කළා. එදා මට වැරදි ට්‍රැක් එකක යන්න වුණේ පකෂය නිසා. අද මම හරි ට්‍රැක් එකට ඇවිත් ඉන්නවා. දේශපාලන නායකයින්, පකෂ, සංවිධාන, පුද්ගලයින් ඇතුළු විශාල කණ්ඩායමක් අද ගෝඨාභය රාජපකෂ මහත්තයාගේ නායකත්වය බලාපොරොත්තු වෙනවා.‘‘ යැයි ශ්‍රී ලංකා නිදහස් පකෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ ගොඩකවෙල මහින්ද මහා විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. හිටපු ආරකෂක ලේකම් ගෝඨාභය රාජපකෂ මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා විය.
‘‘ගෝඨාභය රාජපකෂ මහතා මෙතැනට පැමිණිම ගැන සතුටු වෙනවා. මොකද අද රටේ බොහෝ දෙනෙක් එතුමා ගැන කතා කරනවා. විවිධ පුද්ගලයන්, සංවිධාන, දේශපාලන පකෂ, විරුද්ධ දේශපාලන පකෂ ආදී වූ හැම දෙනාම එතුමා ගැන කතා කරනවා.
‘එතුමා ආරකෂක ලේකම්වරයා විදියට විශිෂ්ඨ සේවාවක් අපේ රටට කළා. සියලූ හමුදාවන් ඒකරාශී කරලා ඊට නායකත්වය දීලා යුද්ධය දිනන්න නායකත්වය දීපු එක මේ රටේ කිසිම කෙනෙකුට අමතක කරන්න පුලූවන් කියලා මම හිතන්නේ නෑ. නමුත් දේශපාලනය මුසු චරිතයක් ලෙස එතුමව හැඳින්වුයේ නෑ.
මට මතකයි මීට වසර දෙකකට ඉස්සර ඇඹිලිපිටියේ දී මේ වගේ රැස්වීමක් අමතන වෙලාවේ මම කිව්වා මම දැකපු අඩුවක් පුරවන ආකාරය. අපේ කන්දේ විහාරේ හාමුදුරුවොත් මේක පොඩ්ඩක් හැඳින්වුවා. මොකද මම වෙන ට්‍රැක් එකක නැත්නම් මාර්ගයක ගියා. දැන් ආයෙත් අවිල්ලා තියනවා. ඒක ඇත්ත. නමුත් මම වෙන ට්‍රැක් එකක ගියේ පකෂය නිසා. නැතුව පුද්ගලයෙක් හරහා ගියා නෙවෙයි. පකෂය තීන්දුවක් ගත්තා. පකෂය ගියා. මමත් ගියා. ඒක අර බෝට්ටුවේ නැගලා ඉන්න මිනිහා බෝට්ටුව යනකොට යන්නා වගේ තමයි මමත් ගියේ.‘