ගෝඨා මරන්න හැදු බව නොකීවාට හිරේ


හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මරා දැමීම සඳහා කොටි ත්‍රස්තවාදින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරිමට සුදානම් වන බව දනිමින් ඒ බව පොලිසියට දැනුම් දිම පැහැර හැරිමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා බරපතල වැඩ සහිත හය මාසයක  සිරදඩුවමක්  නියම කළේය.

රන්ගිරි ස්මාරකය තැනිමේ කටයුතු පරික්ෂා කිරිමට ගිය ආරක්ෂක ලේකම්ට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරිමට සුදානම් වන කොටි ත්‍රස්තවාදින් පිළිබඳව දැනුවත් බව වසන් කිරිම හේතුවෙන් ගම්පහ මෛත්‍රි සමන්කුමාර (47) ට එසේ දඩුවම් හිමිවිය. ඔහු හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතා ළඟ සේවය කළ බව උසාවියේ  දි කියවිණි.

2008 ජුනි 15 දා 2009 ජුනි 14 අතර කාලයේ දී වැලිකඩ සෙන්දුරන් හා සුරේෂ්කුමාර් නැමති කොටි සාමාජිකයින් කොටි නායකයින්ගේ උපදෙස් මත ගෝඨාභය රාජපක්ෂ මරා දැමිමට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරිමට කුමන්ත්‍රණය කරන බව ඔහු දැන සිටි බව උසාවියේ දි තහවුරු විය.