(නිමන්ති රණසිංහ)
මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ ස්මාරකය සහ කෞතුකාගාරය ඉදිකිරිමේ දී මුදල් අවභාවිතා කළේ යැයි කියන සිද්ධියකට අදාළව ගෝඨභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 7 දෙනෙකුට ලබන සැප්තැම්බර් 7 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනාද සිල්වා මහත්මිය නොතිසී නිකුත් කළාය.
ඩී.ඒ.රාජපක්ෂ ස්මාරකය සහ කෞතුකාගාරය ඉදිකිරිමේ දී කැබිනට් අනුමැතිය ලබාගෙන නොමැති හෙයින් ද මුදල් මිලියන 81.3ක ආසන්න මුදලක් වැයකර මුදල් අවභාවිතා කළැයි මොවුනට නඟා ඇති චෝදනාව වේ.