ගෝඨා රහස් පොලිසියට පැමිණෙයි


නිමන්ති රණසිංහ
 
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා  මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
 
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ මහතාගෙන් හා හිටපු යුද හමුදාපති ඇමැති සරත් ෆොන්සේකාගෙන් යළි ප්‍රකාශ සටහන් කරගැනීමට අවශ්‍ය බව නීතිපතිවරයා පසුගිය නඩු වාරයේ අධිකරණයට දැනුම් දුන්නේය.
 
ඒ අනුව අද ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය වෙත කැඳවනු ලැබ තිබේ.