තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
ගාලූවරායේ නවතා තිබූ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඇවන්ගාඞ් සමාගමට අවසර ලබා දීම මඟින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 11.4 පාඩුවක් සිදුකරන ලදැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම මඟින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව එරෙහි ප‍්‍රතිශෝධන පෙත්සම නිශ්ප‍්‍රභා කරමින් මහාධිකරණය ලබාදුන් නියෝගය වැරදි සහගත බවත් එය ඉවත දැමිය යුතූ බවත් ඒ මහතා වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය.
අල්ලස් පනතේ නොමැති වගන්තියක් පදනම් කරගෙන මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ලබා දි ඇතැයිද ජනාධිපති නීතීඥවරයා වැඩිදුරටත් කියා සිටියේය.මෙම පෙත්සම අර්ජුන ඔබේසේකර සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවුණි.
ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතාගේ කරුණු දැක්විමට කල් අවශ්‍ය බව නිතිපති වෙනුවෙන් පෙනි සිටි නියෝජ්‍යය සොලිසටර් ජනරාල් ජනක බන්ඩාර මහතා කියා සිටියේය. ඒ අනුව පෙත්සම සලකා බැලීම අනිද්දා ( 04 ) තෙක් කල් තැබිනි.