(අජන්ත කුමාර අගලකඩ)
කන්න දෙකක් තිස්සේ වගාකිරීමට නොහැකි බැවින් ගොවීන්ට නොමිලේ පොහොර දෙන්නැයි ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා කැබිනට් රැස්වීමේදී ඉල්ලීමක් කර ඇත.
නියඟය ආදී ස්වභාවික හේතු නිසා ගොවීන්ට කන්න තුනක් තිස්සේ නිසිලෙස වගා කටයුතු කිරීමට නොහැකි වූ බවද ඇමැතිවරයා පෙන්වා දී ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වූ අතර ගොවීන්ට අවශ්‍ය තරම් පොහොර ලබාදෙන්නැයි ජනපති දුමින්ද දිසානායක ඇමැතිවරයාට උපදෙස් දී තිබේ.

