ගොවිතැනට කැමති අයට විදෙස් සංචාර



 
විනීතා එම්  ගමගේ 
 
ගොවිතැන් කටයුතුවල යෙදෙන විවිධ තරාතිරම්වල අයගෙන් දක්ෂයින් තෝරා ඔවුන්ට විදෙස් සංචාර ඇතුළු  ත්‍යාග පිරිනැමීමට කෘෂිකර්ම අමාත්‍යංශය සැරසෙයි. 


හොඳම ගොවියා, හොඳම සිසුවා, හොඳම කෘෂිකර්ම නිලධාරියා, හොඳම ප‍්‍රාදේශීය නිලධාරියා ඇතුළු පිරිසක් තෝරා මෙම ත්‍යාග පිරිනැමිමට සුදානම් වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. 


ඉදිරි වසරේ සිට මෙම තරඟ පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කීය.


තරුණ පිරිස් ගොවිතැනින් ඈත් වීමේ ප‍්‍රවනතාවක්  පවතින බැවින් හා කෘෂිකර්මය කෙරෙහි ජනතාවගේ අවධානය වඩාත් ඇති කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන බව අමරවීර මහතා පැවැසීය. 


අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (7) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.