(රංජන් කස්තුරි)
ගොවිජන මධ්‍යස්ථාන 100ක් සඳහා පොහොර මෙට්‍රික් ටොන් 7000ක් අද(18) බෙදා හැරුණු බව ලංකා පොහොර සමාගම පවසයි.
ඒ අනුව ඉදිරි දින දෙක තුන තුළ ගොවි ජනතාවට ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් පොහොර මිලදී ගැනීමේ හැකියාවක් පවතින බවද සීමාසහිත ලංකා පොහොර සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ රවී ක්‍රිෂාන් ජයවර්ධන මහතා පැවසීය.
කිසියම් ප්‍රදේශයක පොහොර හිඟයක් පවතින්නේ නම් ඇතැම් දේශපාලන පක්ෂවලට අයත් ගොවි සංවිධානවල කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට හසුනොවී ලක් පොහොර ආයතනයේ නිලධාරීන් හමුවී සාකච්ඡා කරන ලෙසද ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජයවර්ධන මහතා කීය.

