(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප් හෙට(06) දිනයේදී දිවයින පුරා පිහිටි ග්‍රාමසේවක කොට්ඨාස තුළදී ලබාදීමට රජය කටයුතු යොදා ඇත.
එම ගෙවීම් කටයුතු ගොවිජන සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් විසින් සංවිධානය කරනු ලැබේ.
එසේම, වයස අවුරුදු 100ට වඩා වැඩිහිටියන් සඳහා වූ දීමනාව, ආබාධිත දීමනාව සහ වකුගඩු දීමනාව යන දීමනාද එදිනට ගෙවීමට නියමිත අතර, ඒ ඒ ප්‍රෙදේශවල ග්‍රාම නිලධාරීන් විසින් නිවසටම ගෙනැවිත් බාරදීමට නියමිත බව රජය සඳහන් කරයි.
ඉහත දීමනාවලට හිමිකම් කියන පිරිසට අමතරව පසුගිය 02 සහ 03 යන දිනවලදී විශ්‍රාම වැටුප් ලබාගැනීමට නොහැකි වූ අය සඳහා පමණක් හෙට දිනයේදී ගෙවීම් සිදුකෙරෙනු ඇත.


